ක්ෂුද්‍රමුල්‍ය

1980 අංක 31 දරන ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන ( ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ ) පනත යටතේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක් ක්ෂුද්‍රමූල්‍ය කටයුතු කරන්නේ නම් එය ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස හැදින්වෙන අතර එම සංවිධාන 2016 අංක 06 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත යටතේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය ලබා ගත යුතුය.

ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
(2048/15 අංක දරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි)

  1. ලියාපදිංචි සංස්ථාපිත සහතිකයේ සහතික කරන ලද පිටපතක්.

  2. රාජ්‍ය නොවන සංවිධානයේ සාංගමික ව්‍යවස්ථාවලිය සහ / හෝ සාංගමික සංස්ථා පත්‍රයෙහි සහතික කරන ලද පිටපතක්.

  3. අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍යාධිකාරි හා එවැනි පත්වීමක් සඳහා තෝරා ගන්නා ලද පුද්ගලයෙකුගේ දිවුරුම් ප්‍රකාශ හා ප්‍රකාශයන් ආකෘති පත්‍ර 1 හා (ඒ) හා ආකෘති පත්‍ර 1 (බී) අනුව.

  4. එක් එක් නිශ්චල දේපළ ප්‍රත්‍යාගණනය කළ තක්සේරු වාර්තාවල සහතික කරන ලද පිටපතක්.

  5. අයදුම්කරන රාජ්‍ය නොවන සංවිධානයේ සහ එහි පාලක රාජ්‍ය නොවන සංවිධානයේ පසුගිය වර්ෂ 03 සඳහා විගණක ගිණුම් වාර්තා.

  6. අයදුම් පත්‍රයේ සඳහන් දිනට පෙර මාසය අවසානයට අයදුම්කරන රාජ්‍ය නොවන සංවිධානයේ මූල්‍ය ප්‍රකාශන.

  7. අයදුම්කරන රාජ්‍ය නොවන සංවිධානයේ සංවිධාන ව්‍යුහය.

  8. අයදුම්කරන රාජ්‍ය නොවන සංවිධානයේ මෙහෙයුම් අත්පොතෙහි පිටපතක්.

  9. බලපත්‍රය ලබා ගැවීමෙන් පසු එළඹෙන ඉදිරි වර්ෂ දෙක තුළ තැන්පතු, ණය දීම් සහ අනෙකුත් මෙහෙයුම් කටයුතුවල සහ ලාභ අලාභ පිළිබඳ පුරෝකථනයන් ඇතුළත් ශක්‍යතා වාර්තාවක්.

  10. 2016 අංක 06 දරන ක්ෂුද්‍රමූල්‍ය පනතේ විධිවධානයන්ට අනුකූලව නිකුත් කර ඇති නියමයන් හා විධානයන්ට අනුකූල වීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයට ඇති හැකියාව පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශනයක්.

ඇගයීම් ගාස්තු ගෙවිම

අයදුම්කරන සෑම ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවිධානයක්ම රුපියල් විසි දහසක් (රු.20,000.00) ද, සෑම දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධානයක්ම රුපියල් දසදහසක් (රු. 10,000.00) ද නැවත නොගෙවන ඇගයීම් ගාස්තුවක් ලෙස අයදුම්පත්‍රය යොමු කරන අවස්ථාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ගිණුම වෙත ගිණුම් ගත කර එම බැංකු රිසිට් පත මෙම කාර්යාලය වෙත එවිය යුතුය.

ආරම්භක ලියාපදිංචි ගාස්තුව

ලියාපදිංචිය ලබා ගැනීමේදී ජාතික මට්ටමේ ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක්ම ලියාපදිංචිය ලබා ගනු ලබන වර්ෂය සඳහා රුපියල් විසි දහසක (රු.20,000.00) මූලික ලියාපදිංචි ගාස්තුවක්ද, දිස්ත්‍රික් මට්ටමේ ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචිය ලබා ගනු ලබන වර්ෂය සඳහා රුපියල් දසදහසක් (රු. 10,000.00) ද මූලික ලියාපදිංචි ගාස්තු වශයෙන් ලියාපදිංචිය ලබා ගන්නා දින හෝ ඊට පෙර ගෙවා එම බැංකු රිසිට් පත රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත එවිය යුතුය.

ලියාපදිංචිය ලබා ගැනීමෙන් පසු එවිය යුතු නියාමන වාර්තා

ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචිය ලබා ගැනිමෙන් පසු 2017.12.04 දින නිකුත් කරන ලද අංක 2048/15 දරන ගැසට් පත්‍රයේ සඳහන් ,

  1. අංක 08 රිතීයට අනුව අවම ද්‍රවශීල වත්කම් අනුපාතයක් පවත්වා ගත යුතුය. ඒ සඳහා උක්ත ගැසට්පත්‍රයේ සඳහන් ආකෘති පත්‍රය පුරවා සෑම මසකම එවිය යුතුය.

  2. අංක 09 රීතියට අනුව ණය පහසුකම් සඳහා වන නියාමන රාමුව යටතේ ගැසට් පත්‍රයේ සඳහන් ආකෘති පත්‍රය සෑම කාර්තුවකම පුරවා එවිය යුතුය.

  3. අංක 10 රීතියට අනුව තොරතුරු සැපයීමේ අවශ්‍යතාවය සඳහා මූල්‍ය තත්ව ප්‍රකාශනය හා විස්තීරණ ආදායම් ප්‍රකාශය කාර්තුමය හා වාර්ෂිකව එවිය යුතුය.

වාර්ෂික ලියාපදිංචි ගාස්තුව ගෙවීම

සෑම ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක්ම ලියාපදිංචිය ලබා ගැනීමෙන් පසුව එළඹෙන සෑම වර්ෂයක් සඳහාම සංවිධානයේ මුළු වත්කම් මත පාදක වූ ලියාපදිංචි ගාස්තුවක් ගෙවා ලියාපදිංචිය යාවත්කාලීන කර ගත යුතු වේ.

පසුගිය වසර අවසාන දිනට මුලු වත්කම් එකතුව

වාර්ෂික ලියාපදිංචි ගාස්තුව

රු. මිලියන 05 ට අඩු

5,000/-

රු. මිලියන 05 සිට රු.මිලියන 10 දක්වා

7,500/-

රු. මිලියන 10 සිට රු.මිලියන 15 දක්වා

10,000/-

රු. මිලියන 15 සිට රු.මිලියන 20 දක්වා

12,500/-

රු. මිලියන 20 සිට රු.මිලියන 50 දක්වා

15,000/-

රු. මිලියන 50 සිට ඉහලට

20,000/-

බලපත්‍රය අහෝසි කිරිම

ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක ලියාපදිංචිය අවලංගු කිරිම සදහා 2016 අංක 06 දරන ක්ෂුද්‍රමුල්‍ය පනත මඟින් රෙජිස්ට්‍රාර්වරයාට හැකියාව ඇත. බලපත්‍රය අහෝසි කිරීමේ ක්‍රියාපටිපාටිය උක්ත පනතේ 27 (1) සිට (6) දක්වා කොටස් මඟින් දන්වා ඇත.

logo202403
14 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
දුරකථන (+94) 112877376
ෆැක්ස් : (+94) 112884612
විද්‍යුත් තැපෑල: ngosecretariat.gov@gmail.com