1980 අංක 31 දරණ ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත යටතේ සංවිධාන ලියාපදිංචි කිරීම සම්බන්ධවයි.
මුදල් විශුද්ධ්කරණය හා ත්‍රස්තවාදී කටයුතු සදහා මුදල් සැපයිම එරෙහි ජාතික වැඩ්පිලිවෙලට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව හා රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්යාලය අතර අව්බෝධතා ගිවිසුමට (MOU) ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් මුල්‍ය බුද්ධ් ඒකකයේ අධ්යක්ෂ සුභානි කීර්තිරත්න මහත්මියත් , රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සංජිව විමලගුණරත්න මහතත් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් 2024 සැප්තැම්බර් 27 වන දින ඉලෙක්ට්‍රොනික ගමන් අවසර (ETA) පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණි දින සිට දින තිහක (30) විසා කාලයක් සඳහා අවසර දෙනු ලැබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊ-වීසා ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් තාවකාලිකව කෙටි කාලීන ප්‍රවේශ වීසා අයදුම්පත් නිර්දේශ කිරීම ආරම්භ කර ඇත. ඒ සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපියක් 2024 .08.16 දිනැතිව රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් වෙත නිකුත් කරන ලද අතර එම ලිපිය හා අදාළ අයදුම් පත පහත දිගුවෙන් ලබා ගත හැක.
රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීත්වය වර්ධනය කර දිස්ත්‍රික් සංවර්ධන ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය ඵලදායිව ලබා ගැනීම සඳහාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇතිවන ගැටළුකාරී අවස්ථා වලට මුහුණදීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම ඇති කිරීම සදහාත් ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ සිවිල් සංවිධානවල ව්‍යපෘති සදහා ප්‍රාදේශීය හවුල්කාර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීම හා සිවිල් සංවිධානවල ක්‍රියාකාරිත්වය විධිමත් ලෙස කළමනාකරණය සදහාත් සිවිල් සමාජ සංවිධාන ප්‍රාදේශීය සම්මේලන පිහිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඇතුළත් කර 2024.08.08 දින චක්‍රලේඛ අංක 11 නිකුත් කිරීමට අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරන ලදි.
ඒ අනුව, චක්‍රලේඛයේ සඳහන් ආදර්ශ ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිවිල් සමාජ සංවිධාන ප්‍රාදේශීය සම්මේලන පිහිටුවීම සම්බන්ධයෙන් සියළුම දිස්ත්‍රික් ලේකම්වරු , ප්‍රාදේශීය ලේකම්වරු සහ සියළුම දිස්ත්‍රික් රාජ්‍ය නොවන සම්බන්ධිකාරකවරුන් දැනුවත් කිරීමට නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 11 පහත දිගුවෙන් ලබාගත හැකිය.
ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන වල මූල්‍ය කටයුතු නිසි පරිදි විගණනය සිදු නොකරන බවට ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් හා විවිධ පාර්ශව වලින් දෛනිකව ලැබෙන පැමිණිලි සංඛාව ඉහල යාම හේතුවෙන් එම සංවිධානවල විගණනය විධිමත් කිරීම සඳහා 2024.07.29 දින චක්‍රලේඛ අංක 10 නිකුත්කිරීමට අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතුකරන ලදී.
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය මේ සඳහා වයස අවුරුදු 15-29 අතර තරුණ ස්වේච්ඡා සමාජ සේවකයන් ලියාපදිංචි කිරිමට අදහස් කර ඇත.
ආසියානු සමාජ සේවා ක්ෂේත්රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබෙනවා.
අධ්යක්ෂ ජනරාල්/ ලේඛකාධිකාරි ගේ අංක VSSO/NGO/REG/Circular/01 හා 2024.04.25 දිනැති ලිපිය මඟින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ නව සංවිධාන ලියාපදිංචි කිරීමේදී පැවති ක්‍රමවේදය තවදුරටත් ලිහිල් කර ඇත.