1980 අංක 31 දරණ ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත යටතේ සංවිධාන ලියාපදිංචි කිරීම සම්බන්ධවයි.
01) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක / ක්‍රියාත්මක වීමට අපේක්ෂිත සියළුම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන (INGO) ලියාපදිංචි විය යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ පමණි.
02) 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි සියළුම රාජ්‍ය නොවන සංවිධාන නැවත රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය.
03) නිසි ලියාපදිංචියක් නොමැතිව ක්‍රියාත්මක සියළුම රාජ්‍ය නොවන සංවිධාන ද මෙම කාර්යාලයේ ලියාපදිංචිය ලබා ගත යුතුය.
ඒ අනුව උක්ත 1,2,3 හි සදහන් සංවිධාන 1980 අංක 31 දරණ ස් වෙච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත යටතේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බව මෙයින් දන්වමි.
රෙජිස්ට්‍රාර්
රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලය
රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය පූර්ව සුදුසුකම්
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය උපදෙස්
01. සමාජ සේවා සංවිධාන/ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සඳහා තිබිය යුතු යෝග්‍යතාව
02. නිලධාරී/ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය
03. රාජ්‍ය නොවන සංවිධානයක/ ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක නිලධාරී/ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම සහ ඉවත් කිරීම
නිලධාරී/ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම
i. සියළුම නිලධාරී මණ්ඩලය /අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම මහ සභා යෝජනා සම්මතයක් මඟින් කරනු ලබන යෝජනාවකින් ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන වලට යටත්ව සිදුකරනු ලැබිය යුතුය.
ii. නව නිලධාරී මණ්ඩලය/ රෙජිස්ට්‍රාර්වරයාගේ / අධ්‍යක්ෂජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගත යුතුය.
නිලධාරී/ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම
i. සියළුම නිලධාරී/ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම මහ සභා යෝජනා සම්මතයක් මඟින් කරගනු ලබන යෝජනාවකින් ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන වලට යටත්ව සිදුකරනු ලැබිය යුතුය.
ii. සියළුම නිලධාරී/ රෙජිස්ට්‍රාර්වරයාගේ /අධ්‍යක්ෂජනරාල්වරයාගේ අනුමැතිය ලබාගත යුතුය.
04. නිලධාරී/ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීම සඳහා නුසුදුසුකම්
i. වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්
ii. සිහිවිකල් තැනැත්තකු බවට විනිශ්චය කරනු ලැබ ඇති පුද්ගලයන්
iii. කිසියම් රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු ලෙස පත්වී ඇති තැනැත්තකු වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු ලෙස පත්වීම
iv. ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක අධිකරණයකින් වරදකරුවකු කරන ලද තැනැත්තෙකු වීම
05. 5. නිලධාරී/ අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් හා දීමනා ලබා ගැනීම
නිලධාරී/ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වැටුප් ලබාගත නොහැකි අතර දීමනාවක් පමණක් ලබාගත හැකිය.
ලියාපදිංචි කිරීමේ කාර්යය සදහා සියලු සංවිධාන පහත ආකාරයෙන් වර්ගීකරණය කරනු ලැබේ.
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අදියරරාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම පහත අදියර තුන යටතේ සිදු කරනු ලබයි.
1. ජාතික ලේකම් කාර්යාලය
ශ්‍රී ලංකාවෙන් පිටත ඕනෑම රටක ලියාපදිංචි වී ඇති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම.
විදේශීය අරමුදල් ලබන ඕනෑම දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කිරීම.
එක් පරිපාලන දිස්ත්‍රික්කයකට වඩා වැඩි දිස්ත්‍රික්ක ප්‍රමාණයක ක්‍රියාකාරී ඕනෑමදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කිරීම.
2007 අංක 7 දරණ සමාගම් පනත් යටතේ ලියාපදිංචි, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම.
2. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
ජාතික ලේකම් කාර්යාලය යටතේ සලකා බලන ඉහත සඳහන් කාණ්ඩ වලට අයත් කිසිම රාජ්‍ය නොවන සංවිධානක් මෙහිදී ලියාපදිංචි කරනු නොලැබේ. කෙසේ වෙතත් අවශ්‍ය නිර්දේශ ලබා දෙනු ලැබේ.
එක් පරිපාලන දිස්ත්‍රික්කයක් තුළ ක්‍රියාත්මක වන ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක් මෙහිදී ලියාපදිංචි කරනු ලැබේ.
3. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඉහත සඳහන් කාණ්ඩ වලට අයත් කිසිම රාජ්‍ය නොවන සංවිධානක් මෙහිදී ලියාපදිංචි කරනු නොලැබේ.
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පමණක් ක්‍රියාත්මක වන ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක් මෙහිදී ලියාපදිංචි කරනු ලැබේ.
උදාහරණ: සාමාජික සුභ සාධක සංගම්, අන්‍යෝන්‍යාධාර සමිති, මරණාධාර සමිති ආදිය
සංවිධාන නාමය සම්බන්ධ උපමාන
දැනට ජාතික, දිස්ත්‍රික්ක හෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වශයෙන් ලියාපදිංචි කර ඇති රාජ්‍ය නොවන සංවිධානයක් හෝ ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක නම වෙනත් එවැනි සංවිධානයක් සඳහා භාවිත නොකළ යුතුය.
සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම සහ ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක්ම ස්වකීය සංවිධානයේ නම සඳහා භාවිත කරන පද හෝ වචන මඟින් කිසියම් පුද්ගලයකු, පුද්ගල සමූහයක් හෝ මහජනතාව නොමඟ යැවීම සහ රැවටීම නොකළ යුතුය.
පහත සඳහන් පද හෝ වචන කිසිදු රාජ්‍ය නොවන සංවිධාන හෝ ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් ඒවායේ කෙටි හෝ දිර්ඝ නාමය සඳහා භාවිත නොකළ යුතුය.
පැහැදිලි කිරීම: “ශ්‍රී ලංකා”, “රාජ්‍ය හෝ රාජ්‍යයේ”, “රජය හෝ රජයේ”,“ ජාතික”, “ජනාධිපති හෝ ජනාධිපතිගේ” හෝ එවැනි යම් සංවිධානයක් සෘජුව හෝ වක්‍රව ශ්‍රී ලංකා රාජ්‍යයට, ශ්‍රී ලංකා ආණ්ඩුවට හෝ ව්‍යවස්ථාදායකයට, විධායකයට, අධිකරණයට හෝ පළාත් හෝ නාගරික ආයතනවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වි ඇති බව හඟවන වචන හෝ පද භාවිත නොකළ යුතුය.
කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් හෝ ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් විසින් ස්වකීය නාමය සඳහා කෙටි යෙදුම් හා අක්ෂර පමණක් එම කෙටි යෙදුම් හෝ අක්ෂර වලින් හැඳින්වෙන දීර්ඝ නාමය නොමැතිව භාවිත නොකළ යුතුය.
කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් හෝ ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකට එහි නම හෝ නම් ලෙස ජාතික ලේකම් කාර්යාලයේ අවසරය නොමැතිව පුද්ගල නාම භාවිත නොකළ යුතුය.
සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ එම භාෂා ත්‍රිත්වය සහසම්බන්ධකර විනා අන් කිසිදු භාෂාවක් එවැනි සංවිධානයක නාමය එම සංවිධානයේ ලිපි ශීර්ෂවල, නාමපුවරුවල, සංඥා පුවරුවල හෝ වෙනත් එවැනි ලේඛණවල නොදැක්විය යුතු අතර සහ රජය සමඟ හෝ අන් අය සමඟ සන්නිවේදනය කිරීමේදී භාවිත නොකළ යුතුය.
දිස්ත්‍රික් හා කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි වී ඇති සෑම සංවිධානයක් විසින්ම ප්‍රායෝගිකව අදාල කරගෙන හැකිතාක්දුරට මෙම උපදෙස් පිළිපැදිය යුතුය.
ලියාපදිංචි කිරීමේ කාර්ය පටිපාටිය
ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ සංවිධාන සඳහා
i. සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම නියම කරන ලද ආකෘතියෙන් හා ආකාරයෙන් ලියාපදිංචිය සඳහා රෙජිස්ට්‍රාර්වරයා/අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉල්ලුම් කළ යුතුය.
ii. නියම කරන ලද ආකෘතියෙන් නිශ්චිතව දක්වා ඇති ලේඛනද ඉදිරිපත් කළ යුතුය.
iii. නාමය අනුමත කිරීමේ ලේඛණය සමඟ ලියාපදිංචි ගාස්තු ගෙවා රිසිට්පත්‍රය ඉදිරිපත් කළ යුතුය.
iv. ඉල්ලීමක් ලැබීමෙන් පසුව, රෙජිස්ට්‍රාර්වරයා/ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවශ්‍ය වෙතැයි සලකන ඉල්ලුම්පතට අදාල යම් අතිරේක තොරතුරු ඉදිරිපත් කිරීමට ඉල්ලුම්කරුට නියම කළ හැකිය. එසේ වුවහොත් එම ලේඛනද ලබාදිය යුතුය.
v. සියලුම වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු ලියාපදිංචි කිරීමට සුදුසු සංවිධාන වල අයදුම්පත්‍ර හා ඉහත සඳහන් කරන ලද ලේඛණ ආරක්ෂක අමාත්‍යාංශයේ, විදේශ අමාත්‍යාංශයේ හා අදාල රේඛීය අමාත්‍යංශයන්හි නිශ්කාෂණ ලබාගැනීම සඳහා එම අමාත්‍යාංශ වෙත මෙම කාර්යාලය මඟින් යවනු ලැබේ.
vi. නිශ්කාෂණ වාර්තා ලැබෙන තෙක් සංවිධානය සදහා මාස හයක (06) කාලසීමාවක් සඳහා තාවකාලික සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
vii. ආරක්ෂක අමාත්‍යාංශයේ හා විදේශ අමාත්‍යාංශයේ නිශ්කාෂණ වාර්තා ලැබුන පසු එම වාර්තා පරීක්ෂා කර බලා ගැටළුවක් නොමැති නම් ලියාපදිංචි සහතික පත්‍රය නිකුත් කිරීම කිරීම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරනු ලැබේ. නිශ්කාෂණ වාර්තාවල ගැටළුවක් තිබේ නම් ලියාපදිංචි ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ලියාපදිංචි කිරීමේ කාර්ය පටිපාටිය (දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ සංවිධාන සඳහා)
i. නියම කරන ලද ආකෘතියෙන් අයදුම්පත්‍රය හා නිශ්චිතව දක්වා ඇති ලේඛනද සමඟ ඉදිරිපත් කළ යුතුය.
ii. ඉල්ලීමක් ලැබීමෙන් පසුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් විසින් අවශ්‍ය වෙතැයි සලකන අයදුම්පත්‍රයට අදාල යම් අතිරේක තොරතුරු ඉදිරිපත් කිරීමට ඉල්ලුම්කරුට දැන්විය හැකිය. එසේ වුවහොත් එම ලේඛනද ලබා දිය යුතුය.
iii. දිස්ත්‍රික්/ ප්‍රාදේශීය ලේකම්ට සංවිධානය සම්බන්ධයෙන් අවශ්‍ය යැයි සිතන වෙනත් විමසීම් සිදුකිරීමට අවශ්‍ය නම් ඒවාද සිදු කිරීමෙන් පසුව අනෙකුත් සියලුම වාර්තා පරීක්ෂා කර ලියාපදිංචි කිරීමට සුදුසු සංවිධානයක් නම්, එම සංවිධානය නිසි පරිදි ලියාපදිංචි කර, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලබන සහතික පත්‍රය ලබා දෙනු ලැබේ.
ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය
ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රයේ පහත කරුණු ඇතුළත් කර ලබාදේ
a. රාජ්‍ය නොවන සංවිධානයේ නම, ලිපිනය
b. ලියාපදිංචි අංකය
c. සහතික පත්‍රය නිකුත් කල දිනය හා කල් ඉකුත්වන දිනය
d. වලංගු කාල සීමාව සහ අනෙකුත් තොරතුරු
සෑම ලියාපදිංචි කරනු ලැබු රාජ්‍ය නොවන සංවිධානයක්ම ජාතික ලේකම් කාර්යාලයේ, අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන ඇත්නම් මිස පහත වෙනස්කම් නොකළ යුතුය.
a. සංවිධානයේ නම වෙනස් කිරිම/ ලිපිනය වෙනස් කිරීම
b. ලියාපදිංචියේදී ලබාදුන් ව්‍යවස්ථාවේ සඳහන් පරමාර්ථ වෙනස් කිරීම
c. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
සංවිධානයේ නාමය හෝ ලිපිනය වෙනස් කිරීම
ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි නාමය හෝ ලිපිනය වෙනස් කිරීම.
a. යම් රාජ්‍ය නොවන සංවිධානයක නාමය හෝ ලිපිනය වෙනස් කරන ලද අවස්ථාවකදී එවැනි නාමය හෝ ලිපිනය වෙනස් කරනු ලබන දින සිට දින දහහතරක් ඇතුලත ඒ බව ලේකම් කාර්යාලය වෙත සහ ප්‍රතිලාභින් ඇතුළු වෙනත් අදාළ පාර්ශව වෙත සිංහල, දෙමල හා ඉංග්‍රිසි ජාතික පුවත්පත්වල පල කරනු ලබන දැන්වීම් මගින් දැනුම් දෙනු ලැබිය යුතු ය.
b. ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයනයක නාමය හෝ ලිපිනය වෙනස් කිරීමේදී පහත දක්වා ඇති විස්තර ලබාගැනීමෙන් පසු පැරණි අංකය යටතේම නව සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම නියම කරන ලද ආකෘතියෙන් ලියාපදිංචි නාමය හෝ ලිපිනය වෙනස් කිරීම සඳහා රෙජිස්ට්‍රාර්/ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉල්ලුම් කළ යුතුය.
සිංහල, දෙමළ හා ඉංග්‍රිසි ජාතික පුවත්පත්වල පලකරනු ලබන දැන්වීම්වල මුල් පිටපත් (සංවිධාන නාමය වෙනස් කිරීම සඳහා පමණි)
නාමය හෝ ලිපිනය වෙනස් කිරීමට අදාලව තීරණය කරන ලද මහ සභා රැස්වීම් වාර්තාව හා එහි අත්සන් ලේඛනය
මීට පෙර නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයේ පිටපතක්
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නොවන සංවිධානයන්හි නාමය හෝ ලිපිනය වෙනස් කිරීම.
a. ලිපිනය වෙනස් කිරිමක් පිලිබඳ අනුමැතිය ලබාගැනිමට සති දෙකකට පෙර රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන අදාළ දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැන්වීම් පත්‍රිකාවක් ප්‍රදර්ශනය කළ යුතුය.
b. දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි සංවිධානවල නාමය හෝ ලිපිනය වෙනස් කිරීමේදී පහත දක්වා ඇති විස්තර ලබාගැනීමෙන් පසු එම අංකය යටතේම නව සහතික පත්‍රයක් නිකුත් කරනුලැබේ.
සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම නියම කරන ලද ආකෘතියෙන් ලියාපදිංචි නාමය හෝ ලිපිනය වෙනස් කිරීම සඳහා දිස්ත්‍රික්/ ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලුම්කළ යුතුය.
මීට පෙර නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයේ පිටපතක්
නම හා ලිපිනය වෙනස්වීමට අදාලව මහ සහා රැස්වීම් වාර්තාව හා එහි අත්සන් ලේඛනය
ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සදහා යොදා ගන්නා ලද දැන්වීම් පත්‍රිකාවක්