රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට පහසුකම් සැලසීම සඳහා සිය වැඩපිළිවෙළ වෙනස් කර ඇත. ඒ යටතේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අධීක්ෂණ අංශයේ ක්‍රියාවලිය පහසු කිරීමේ අදහසින් සිය නිල වෙබ් අඩවිය ප්‍රතිසංස්කරණය කරමින් මාර්ගගත තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත.

ඔබ සංවිධානයේ පහත විස්තර, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත 2024 ජනවාරි 31 දින හෝ ඊට ප්‍රථම පහත ගූගල් දිගුව (Google Link) හරහා යොමු කිරීමට කටයුතු කරන්න.