- Details
බිම් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලියාපදිංචි ක්‍රියාවලිය ලිහිල් කෙරේ
චක්‍රලේඛ අංක 06 අනුව බිම් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඵලදායී ලෙස ලිහිල් කර ඇත. 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණය) පනතට අනුව අධ්යක්ෂ ජනරාල් විසින් චක්‍රලේඛ අංක 06 නිකුත් කර ඇත.
2020 නොවැම්බර් 20 දිනැතිව නිකුත් කර තිබූ චක්‍රලේඛ අංක 04 හේතුවෙන් අවමංගල්‍යාධාර සහ සමාජ සේවා සංවිධාන වල ලියාපදිංචි ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් සහ අධික පිරිවැයක් දැරීමට සිදුවිය.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ, අධ්යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛය මගින් එම සංවිධන වල ලියාපදිංචි ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කර ඇත.