ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන වල මූල්‍ය කටයුතු නිසි පරිදි විගණනය සිදු නොකරන බවට ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් හා විවිධ පාර්ශව වලින් දෛනිකව ලැබෙන පැමිණිලි සංඛාව ඉහල යාම හේතුවෙන් එම සංවිධානවල විගණනය විධිමත් කිරීම සඳහා 2024.07.29 දින චක්‍රලේඛ අංක 10 නිකුත්කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතුකරන ලදී.

එ අනුව, චක්‍රලේඛයේ සඳහන් කාල රාමුව තුල වාර්ෂික විගණන වාර්තා ලබා දීම සම්බන්ධයෙන් සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්, සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සියළුම දිස්ත්‍රික් රාජ්‍ය නොවන සම්බන්ධීකාරකවරුන් දැනුවත් කිරීමට සකස් කරන ලද චක්‍රලේඛ අංක 10 පහත දිගුවෙන් ලබාගත හැකිය.