රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීත්වය වර්ධනය කර දිස්ත්‍රික් සංවර්ධන ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය ඵලදායිව ලබා ගැනීම සඳහාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇතිවන ගැටළුකාරී අවස්ථා වලට මුහුණදීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම ඇති කිරීම සදහාත් ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ සිවිල් සංවිධානවල ව්‍යපෘති සදහා ප්‍රාදේශීය හවුල්කාර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීම හා සිවිල් සංවිධානවල ක්‍රියාකාරිත්වය විධිමත් ලෙස කළමනාකරණය සදහාත් සිවිල් සමාජ සංවිධාන ප්‍රාදේශීය සම්මේලන පිහිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඇතුළත් කර 2024.08.08 දින චක්‍රලේඛ අංක 11 නිකුත් කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරන ලදි.

ඒ අනුව, චක්‍රලේඛයේ සඳහන් ආදර්ශ ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිවිල් සමාජ සංවිධාන ප්‍රාදේශීය සම්මේලන පිහිටුවීම සම්බන්ධයෙන් සියළුම දිස්ත්‍රික් ලේකම්වරු , ප්‍රාදේශීය ලේකම්වරු සහ සියළුම දිස්ත්‍රික් රාජ්‍ය නොවන සම්බන්ධිකාරකවරුන් දැනුවත් කිරීමට නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 11 පහත දිගුවෙන් ලබාගත හැකිය.

Download Circular No 11