ප්‍රධාන ක්‍රියාකාරකම්

  • රාජ්‍ය නොවන සංවිධානවලට අදාළව පහත සඳහන් වාර්තා නියමිත ආකෘතිවලින් සහ නියමිත ආකාරයෙන් ප්‍රධාන කාර්යාලයට නියමිත දිනට ඉදිරිපත් කිරීම.
     වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම
     කාර්තුමය ප්‍රගති වාර්තාව
     වාර්ෂික විගණන වාර්තාව
     ලේකම් කාර්යාලය විසින් ඉල්ලා සිටින වෙනත් ලේඛන
  • සංවිධානවල ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා කාර්තුමය දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම සහ එමගින් සංවිධානවල අඩුපාඩු නිවැරදි කිරීමට මඟ පෙන්වීම.

උපකාරක ක්‍රියාකාරකම්

  • රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය සඳහා ධාරිතා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය මණ්ඩල සඳහා ධාරිතා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර චාරිකා සිදුකර රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම.