Our Services
රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය පූර්ව සුදුසුකම්
- යම්කිසි පුද්ගල කණ්ඩායමක් විසින් ලාභ ඉපයීමේ අරමුණින් තොරව ස්වේච්ඡා පදනමින් පිහිටුවා ගනු ලැබූ රාජ්‍ය නොවන සංවිධානයක් විය යුතුයි.
- අරමුදල් රැස්කිරීමේ ක්‍රියාකාරකම් තුළින් උපයන ලාභය හෝ අතිරික්තය සාමාජිකයන් අතර බෙදා නොගත යුතුයි.
- මහජන දායකත්වයෙන්, පුණ්‍යාතනය වලින්, ප්රදානමගින්, දේශීය හෝ විදේශීය පරිත්‍යාග මගින්, රජයේ දායකත්වයෙන් හෝ දේශීය සහ විදේශීය අරමුදල් මගින් සංවිධානය පවත්වාගෙන යා හැකිය
- අරමුණු සහ වටිනාකම් (Values) පුද්ගලික වාසි, දේශපාලන අරමුණු හෝ ආගමික අරමුණු වෙනුවෙන් යොදා නොගත යුතුය.
- ව්‍යවස්ථාව සහ අනෙකුත් ක්‍රියාකාරකම් රටේ නීතිමය රාමුව සහ සමාජ වටිනාකම් තුළ විය යුතුය.
- සංවිධානයේ අරමුණ විය යුත්තේ මානසික ආබාධ හෝ ශාරීරික ආබාධිත සහිත, දිළිඳු, රෝගී, අනාථ සහ අසරණ පුද්ගලයන් සඳහා අවශ්‍ය සහන සහ සේවා සැපයීම සහ ආපදා අවස්ථාවලදී අසරණ වූවන්ට සහන සැලසීම යි.
සෑම ලියාපදිංචි කරන ලද ස්වේච්ජා සමාජ සේවා සංවිධාන/ රාජ්‍ය නොවන සංවිධානයක්ම ලියාපදිංචි තම කාර්යාලයේ පහත සඳහන් ලේඛණ තබාගත යුතු හා පවත්වාගෙන යා යුතුය.
- රාජ්‍ය නොවන සංවිධානවලට සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදේශන සේවා සැපයීම, රාජ්‍ය ආයතන හා සිවිල් සංවිධාන අතර සම්බන්ධීකරණය.
- සුභසාධන ව්‍යාපෘති සඳහා විදේශවලින් මෙරටට ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් බදු සහන ලබා ගැනීමටඅවශ්‍ය නිර්දේශ ලබා දීම.
- ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවල රාජකාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් හට අවශ්‍ය වීසා නිර්දේශ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම
- රාජ්‍ය නොවන සංවිධානවල සුමට ක්රියාකාරිත්වයපවත්වාගැනීම සඳහාකාර්ය මණ්ඩල වෙත අවශ්‍ය ධාරිතා පුහුණු වැඩසටහන් පැවැත්වීම
- රාජ්‍ය නොවන සංවිධාන වල ව්‍යාපෘති පිළිබද පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා හා ආංශික අධීක්ෂණ කාරක සභා දැනුවත් කිරීම.
මෙම කාර්යාලය මගින් වීසා නිර්දේශ ලබා දෙනු ලබන්නේ මෙම කාර්යාලයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන සඳහා පමණි. එසේම ඇතැම් ව්‍යාපාරික වීසා වර්ග (Business Visa) සංචාරක වීසා (Tourist Visa) මඟින් රාජ්‍ය නොවන සංවිධාන වෙත පැමිණෙන විදේශිකයින්ගේ වීසා දීර්ඝ කිරීම සඳහා නිර්දේශ ලබාදීම මෙම කාර්යාලය විසින් සිදු නොකරනු ඇත.
ප්‍රධාන ක්‍රියාකාරකම්
- රාජ්‍ය නොවන සංවිධානවලට අදාළව පහත සඳහන් වාර්තා නියමිත ආකෘතිවලින් සහ නියමිත ආකාරයෙන් ප්‍රධාන කාර්යාලයට නියමිත දිනට ඉදිරිපත් කිරීම.
වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම
කාර්තුමය ප්‍රගති වාර්තාව
වාර්ෂික විගණන වාර්තාව
ලේකම් කාර්යාලය විසින් ඉල්ලා සිටින වෙනත් ලේඛන - සංවිධානවල ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා කාර්තුමය දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම සහ එමගින් සංවිධානවල අඩුපාඩු නිවැරදි කිරීමට මඟ පෙන්වීම.
රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා1980 අංක 30 දරන පනතේ 10, 11, 12, 13 සහ 14 යන වගන්ති අදාළ වේ.