රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන වෙත වීසා නිර්දේශ ලබාදීමේ ක්‍රමවේදය
මෙම කාර්යාලය මගින් වීසා නිර්දේශ ලබා දෙනු ලබන්නේ මෙම කාර්යාලයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන සඳහා පමණි. එසේම ඇතැම් ව්‍යාපාරික වීසා වර්ග (Business Visa) සංචාරක වීසා (Tourist Visa) මඟින් රාජ්‍ය නොවන සංවිධාන වෙත පැමිණෙන විදේශිකයින්ගේ වීසා දීර්ඝ කිරීම සඳහා නිර්දේශ ලබාදීම මෙම කාර්යාලය විසින් සිදු නොකරනු ඇත.
වීසාවර්ග:
- පැමිණීමේ වීසා (Entry Visa)
a. කෙටි කාලීන ප්‍රවේශ වීසා (Short Term)
මාසයකට අඩු කාලයක් සඳහා මෙම වීසා නිර්දේශ ලබා දෙනු ඇත.
b. ප්‍රවේශ වීසා (Entry Visa)
මෙරටට පැමිණිමේ දින සිට මාසයක කාලයක් සඳහා වීසා නිර්දේශ ලබා දෙනු ඇත. - වාස වීසා (Residence Visa)
ප්‍රවේශ වීසා අවසන් වීමෙන් පසුව ඉදිරි මාස 06 ක කාලයක් සඳහා මෙම වීසා නිර්දේශය ලබා දෙනු ඇත.
වීසා නිර්දේශ ලබාදීමේදී පහත සඳහන් ලේඛන ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වේ.