රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පිහිටුවීම
රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාප්තිය
1970 දශකයේ අග භාගයේදී ඇති වූ ලිබරල් ආර්ථිකයේ වර්ධනයත් සමඟම විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීම්, වෙළඳ සහ සංචාරක සීමා කිරීම් මෙන්ම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාවේ විශාල වර්ධනයක් ද ඇති විය. විදේශ ආධාර ගලා ඒමත් ප්‍රජා සහ ග්‍රාමීය සංවර්ධනය පුළුල් වීමත් සමඟම රට තුළ තවදුරටත් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාප්ත වීම සිදු විය. රාජ්‍ය නොවන සංවිධාන රජය වෙනුවෙන්සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළ නිසාත්, එවායේ පරාර්ථකාමී ස්වභාවය නිසාත්, එම සංවිධානවල පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය රජය විසින් පිළිගනු ලැබීය.
රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය පාලනය කරන නිශ්චිත නීති සහ රෙගුලාසි මින් පෙර ශ්‍රී ලංකාව තුළ නොතිබුණි. නමුත් 1980 දී රජය විසින් ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත පනවන ලද අතර එමගින් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතුකරන ලදී. කෙසේ වෙතත්, මෙම පනත දැඩි ලෙස ක්‍රියාත්මක නොවූ අතර රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම නිසි ලෙස සිදු නොවීය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මහජනතාව සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින්ම සිය සංවිධානවල නම්‍යශීලීභාවය සහ ස්වයං පාලනය අනිසි ලෙස භාවිතා කිරීම සහ මුදල් අවභාවිතය පිළිබඳව හඬ නැගීය. සත්‍යවශයෙන්ම, සමහර රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව ඔවුන්ගේ සේවකයින් සහ වෙනත් ආයතන විසින් පැමිණිලි කරනු ලැබූ අවස්ථා තිබේ.